Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 59 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලාතය තුළ ඔහුට සැකය ඇති වී තමා තුනක් ඉටු කළේ ද එසේ නැතහොත් හතරක් ඉටු කළේද යැයි නොදන්නේ නම්, ඔහු එම සැකය අහකට දමා ඔහු කවර දෙයක් ගැන විශ්වාසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතුය. ඔහු පහක් ඉටු කළේ නම් ඔහුගේ සලාතය ඔහුට දෙගුණය කර දෙනු ඇත. ඔහු හතරක් සම්පූර්ණ කර ඇත්නම් ඒ දෙක ෂෙයිතාන් අධෛර්යමත් කිරීමක් (පහරක්) වනු ඇත.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

සැබැවින්ම, තමන් රකආත් තුනක් ඉටු කළේ ද නැතහොත් හතරක් ඉටු කළේද යැයි, සලාත් ඉටු කරන්නාට සැකයක් ඇති වූ විටෙක, සැක සහිත අමතර ප්‍රමාණය නොගෙන, එම ගණනයෙන් දුරස් විය යුතු අතර තුනක් ඉටු කළ බවට ස්ථීරභාවයක් ඇති කර ගෙන, පසුව රකආත් හතරක් ඉටු කර, සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එවිට සැබෑ ලෙස ඔහු රකආත් හතරක් ඉටු කර තිබුණේ නම් එය අමතර රකආතය සමග පහක් වනු ඇත. අමතක වීම සඳහා සිදු කරනු ලබන සුජූද් දෙක රකආතයක් වෙනුවෙන් පිහිටා ඔත්තේ සංඛ්‍යාව් නොව ඉරට්ටේ සංඛ්‍යාවක් බවට පත් වන්නේය. එසේම අමතර රකආතය ඉටු කිරීම තුළින් රකආත් හතරක් බවට පත් වූ විට එය කිසිදු වැඩි කිරීමකින් හෝ අඩු කිරීමකින් තොරව ඔහුට පැවරුණු වගකීම ඉටු කරන්නෙකු වනු ඇත. අමතක වීම සඳහා ඉටු කරනු ලබන සුජූද් දෙක ෂෙයිතාන්ට අපහාසයක් හා නින්දාවක් බවට පත් වේ. එය ඔහුගේ සිතුවිල්ලෙන් දුරස් කිරීමක් හා අවමානයක් ලෙස ප්‍රතිචාර දැක්වීමකි. හේතුව ඔහු සලාතය තුළට පිවිස එය දූෂිත කිරීමට පෙනී සිටි බැවිනි. සුජූද් කිරීමේ අල්ලාහ්ගේ නියෝග පිළිපදින කල්හි ආදම්ගේ පුතනුවන්ගේ සලාතය සම්පූර්ණ වනු ඇත. ආදම්ට සුජූද් කිරීමේ දී අල්ලාහ්ට අවනත වීමෙන් වැළකී සිටිමින් ඉබ්ලීස් පිටුපෑවේය.

Source
رواه مسلم
Download image

Saved at original quality