Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 47 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ." සාලිම් තුමා මෙසේ පැවසීය: 'එසේ නැතහොත් ගොවිපල ආරක්ෂා කරන බල්ලෙකු හැර' යැයි අබූ හුරෙයිරා තුමා පවසමින් සිටියේය. හෙතෙම ගොවිපල සතු අයකු විය.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

දඩයම් කිරීමේ අවශ්‍යතාව මත හෝ පශු සම්පත් හා ගොවිබිම් ආරක්ෂා කිරීමේ පදනම මත හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. වෙනත් අරමුණක් සඳහා එසේ බල්ලෙකු ඇති කරන්නේ නම් ඔහුගේ ක්‍රියාවට හිමි කුසල්වලින් දිනකට කිරාත් දෙකක් බැගින් අඩු කරනු ලැබේ. එය අල්ලාහ් සතු දැනුමෙහි පවත්නා ප්‍රමාණයකි.

Source
متفق عليه
Download image

Saved at original quality