ආගමික නීති හා එහි මූලධර්ම
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
Available in 60 languages
«අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’
اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ
"අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්‍රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.»Meaning translation ·
Saved at original quality








