Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 49 languages
«ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

රමළාන් උපවාසයෙන් පසු සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනිවාර්යය කළහ. එය සාඃ එකක ප්‍රමාණයකි. එය මුද්දු හතරක ප්‍රමාණයකි. මුද්දු යනු, සාමාන්‍යය මිනිසෙකුගේ දෝත පිරෙන්නට පුරවනු ලබන ප්‍රමාණයයි. එය වහල්, නිදහස්, පිරිමි, කාන්තා, කුඩා වැඩිහිටි යන සෑම මුස්ලිම්වරයකු මත නියම වන, රට ඉඳියෙන් හෝ තිරිඟුවලින් නිකුත් කරන දෑය. එය තමන් සතු දහවල් හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේලකින් තමන් වෙනුවෙන් ද තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන් ද නිකුත් කරනු ලබන්නකි. උත්සව සලාතය වෙත ජනයා පිටත්ව යෑමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු යැයි එතුමාණෝ නියෝග කළහ.

Source
متفق عليه
Download image

Saved at original quality