Hadith for the World
ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

අල්කුර්ආන් අර්ථ විග්රහය

2 hadiths

2 hadiths

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."متفق عليه
අනස් බින් මාලිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: ඔවුන් හුදෙයිබියා හි නියමිත සත්ව කැපය පිරිනමා, දුක හා මානසික අවපීඩනය මුසු වූ තත්ත්වක හුදෙයිබියාවේ සිට නැවත හැරී එන අවස්ථාවේ "ඉන්නා ෆතහ්නා ලක ෆත්හන් මුබීනන් ලියග්ෆිර ලකල්ලාහු" යන ප්‍රකාශයේ සිට "ෆව්සන් අලීමා" දක්වා වූ (සූරා අල්-ෆත්හ් 1-5) පාඨ පහළ වූ කල්හි එතුමාණෝ: "මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ.رواه مسلم