Hadith for the World
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති

හජ් සහ උම්රා

17 hadiths

17 hadiths

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ අන්සාරි කාන්තාවකට මෙසේ පැවසූහ. ඇගේ නම ඉබ්නු අබ්බාස් තුමා සඳහන් කළ නමුත් ඇගේ නම මට අමතක වී ඇත. "අප සමග හජ් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද?" ඇය, "අපට ඔටුවන් දෙදෙනකු හැර වෙනත් කිසිවක් නොවීය. ඇගේ දරුවාගේ පියා හා ඇගේ දරුවා එක් ඔටුවකු මත හජ් වන්දනාව ඉටු කිරීම සඳහා ගොස් ඇති අතර එක් ඔටුවකු ජලය සැපයීම සඳහා අප වෙනුවෙන් අත්හැර දමා ගොස් ඇත" යැයි පැවසුවාය. එතුමාණෝ: "එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය."متفق عليه
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.رواه البخاري
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.متفق عليه
عن عبد الله بن عُمَر رضي الله عنه قال: «اسْتَأْذَنَ الْعَبَّاسُ بن عَبْدِ الْمُطَّلِب رسول الله صلى الله عليه وسلم : أن يبيت بمكة ليالي مِنى، من أجل سِقَايَتِه فأذن له».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”متفق عليه
عن جُنْدُب بن عَبْدِ الله البجَليِّ رضي الله عنه قال: «صلى النبي صلى الله عليه وسلم يوم النَّحر، ثم خطب، ثم ذبح، وقال: من ذبح قبل أن يُصَلِّيَ فَلْيَذْبَحْ أُخرى مكانها، ومن لم يذبح فَلْيَذْبَحْ باسم الله».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.رواه البخاري وأبو داود، واللفظ له
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපා ගින්නෙන් අල්ලාහ් අධික ලෙස ගැත්තන් නිදහස් කිරීමේදී අරෆා දිනයට වඩා වෙනත් දිනයක් නැත. සැබැවින්ම ඔහු සමීප වෙයි. පසුව ඔවුන් පිළිබඳ මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරමින් “මොවුන් අපේක්ෂා කරනුයේ කුමක් ද? යැයි පවසයි.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී. “කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“رواه مسلم
عن أبي بكرة -ضي الله عنه- مرفوعاً: «إِنَّ الزمانَ قَدِ اسْتَدَارَ كَهَيْئَتِهِ يَوْمَ خَلَقَ اللهُ السَّمَاوَاتِ والأَرْضَ: السنةُ اثنا عَشَرَ شَهْرًا، منها أربعةٌ حُرُمٌ: ثلاثٌ مُتَوَالِيَاتٌ: ذُو القَعْدَةِ، وذُو الحَجَّةِ، والمحرمُ، ورَجَبُ مُضَرَ الذي بين جُمَادَى وشَعْبَانَ، أَيُّ شَهْرٍ هَذَا؟» قلنا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظننا أنه سَيُسَمِّيهِ بغير اسمه، قال: «أَلَيْسَ ذَا الحَجَّةِ؟» قُلْنَا: بَلَى. قال: «فأَيُّ بَلَدٍ هَذَا؟» قلنا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظننا أنه سُيَسَمِّيهِ بغير اسمه. قال: «أَلَيْسَ البَلْدَةَ؟» قلنا: بلى. قال: «فأَيُّ يَوْمٍ هَذَا؟» قُلْنَا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظَنَنَّا أنه سيسميه بغير اسمه. قال: «أَلَيْسَ يَوْمَ النَّحْرِ؟» قلنا: بَلَى. قال: «فَإِّنَّ دِمَاءَكُمْ وأَمْوَالَكُمْ وأَعْرَاضَكُمْ عَلَيْكُمْ حَرَامٌ، كَحُرْمَةِ يَوْمِكُمْ هَذَا في بَلَدِكُمْ هَذَا فِي شَهْرِكُمْ هَذَا، وَسَتَلْقَونَ رَبَّكُمْ فَيَسْأَلُكُمْ عَنْ أَعْمَالِكُمْ، أَلَا فَلَا تَرْجِعُوا بَعْدِي كُفَّارًا يَضْرِبُ بَعْضُكُم رِقَابَ بَعْضٍ، أَلَا لِيُبَلِّغِ الشَّاهِدُ الغَائِبَ، فَلَعَلَّ بَعْضَ مَنْ يَبْلُغُهُ أَنْ يكونَ أَوْعَى لَهُ مِنْ بَعْضِ مَنْ سَمِعَهُ»، ثُمَّ قال: «أَلَا هَلْ بَلَّغْتُ، أَلَا هَلْ بَلَّغْتُ؟» قلنا: نعم. قال: «اللَّهُمَّ اشْهَدْ».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”متفق عليه
عن أبي ذر رضي الله عنه قال: قلت يا رسول الله، أي مسجد وضع في الأرض أول؟ قال: «المسجد الحرام» قال: قلت: ثم أي؟ قال «المسجد الأقصى» قلت: كم كان بينهما؟ قال: «أربعون سنة، ثم أينما أدركتك الصلاة بعدُ فَصَلِّه، فإن الفضل فيه».متفق عليه
عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «ما بين بيتي ومنبري روضة من رياض الجنة، ومنبري على حوضي».متفق عليه
عن أبي هريرة رضي الله عنه: أن رسول الله صلى الله عليه وسلم قال: «العمرة إلى العمرة كفارةٌ لما بينهما، والحج المبرور ليس له جزاءٌ إلا الجنة».متفق عليه
عن ابن عباس رضي الله عنهما أنه سمع النبي صلى الله عليه وسلم يقول: «لا يَخْلُوَنَّ رجلٌ بامرأةٍ، ولا تسافِرَنَّ امرأةٌ إلا ومعها محرمٌ»، فقام رجل فقال: يا رسول الله، ‌اكتتبت في غزوة كذا وكذا، وخرجت امرأتي حاجة، قال: «اذهب فحج مع امرأتك».متفق عليه