ප්රතිපත්තිය
Available in 18 languages
«අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.“තවත් වාර්තාවක, “නියත වශයෙන්ම (කළ) යහපතකට මුඃමින්වරයකුට අල්ලාහ් අසාධාරණයක් නොකරනු ඇත. ඒ සඳහා මෙලොවෙහි පිරිනමනු ලැබේ. මතුලොවෙහි ද ප්රතිඵල දෙනු ලැබේ. නමුත් දේව ප්රතික්ෂේපිත කාෆිර්වරයා වනාහි, අල්ලාහ් වෙනුවෙන් සිදු නොකළ යහපත් දෑ සඳහා මතුලොවට ඔහු සේන්දු වන තුරු මෙලොවෙහි පෝෂණය දෙනු ලැබේ. නමුත් ඔහු කළ කිසිදු යහපතකට එමගින් ප්රතිඵල දෙනු නොලබනු ඇත.“»Meaning translation ·
Saved at original quality








