ආගමික නීති හා එහි මූලධර්ම
Available in 17 languages
«අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට, දහතුන, දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.“ කතාදා ඉබ්නු මිල්හාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. දහතුන, දහහතර හා පහළොව යන අය්යාමුල් බීල් (හෙවත් චන්ද්රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති දිනයන්හි) උපවාසයේ නිරත වීමට අපට අණ කරන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් සිටියහ.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී. පදිංචි ස්ථානයේ සිටිය දී හෝ ගමනක නිරතව සිටිය දී හෝ අය්යාමුල් බීල් දිනයන්හි උපවාසයෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.»Meaning translation ·
Saved at original quality








