Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 47 languages
«සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

රමළාන් මාසය පැමිණි විට කරුණු තුනක් සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. පළමුවැන්න: ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් වසා දමනු ලබන්නේ නැත. දෙවැන්න: අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් විවෘත කරනු නොලැබේ. තුන්වැන්න: ෂෙයිතානුන් සහ දුෂ්ට ජින්නුන් දම්වැල් දමා බැඳ දමනු ලැබේ. රමළාන් නොවන මාසවලදී ඔවුන් මුදා හරිනු ලබන තෙක් එහි දී ඔවුන් මුදා හරිනු නොලැබේ. මේ සියල්ල මෙම මාසය ගරු කරනු පිණිසත් ලෝවැසියන් සලාතය, සකාත්, දෙවියන් සිහි කිරීම, කුර්ආනය කියවීම වැනි නැමදුම් බොහෝමයක ඔවුන් නිරත වනු පිණිසත් කැමැත්ත ඇති කිරීමටය. එමෙන්ම පාපකම් හා පිටුපෑම්වලින් දුරස් වීමටය.

Source
متفق عليه
Download image

Saved at original quality