SI
උපවාසය
උපවාසයේ මහිමය
5 hadiths
وجوب الصيام وحكم تاركه
1
උපවාසයේ මහිමය
5
උපවාසයේ අතිරේක කරුණු
7
නව සඳ දැකීම
2
සැක සහිත දිනෙහි උපවාසයේ නිරත වීම
2
නිදහසට කරුණු ඇති අයවලුන්ගේ උපවාසය
1
උපවාසය අවලංගු කරන කරුණු
2
උපවසාය රකින්නාට අනිවාර්ය වන දෑ
1
උපවසාය රකින්නාට අනුමත දෑ
1
ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය
12
මස්ජිදයේ නැවතී (ඉඃතිකාෆ්) සිටීම
1
රමළාන් මසෙහි අවසන් දින දහය
4
රමළාන්
2
5 hadiths
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. මහා හඬින් (නොමනා ලෙස) කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුගඳ අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි."
متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. උපවාසයේ නිරත වූවෝ කොහේදැයි? විමසනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් එහි ඇතුළු වූ පසු එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත."
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ."
متفق عليه
عن أم المؤمنين عائشة رضي الله عنها قالت: دخل علي النبي صلى الله عليه وسلم ذات يوم فقال: «هل عندكم شيء؟» فقلنا: لا. قال: «فإني إذن صائم» ثم أتانا يومًا آخر فقلنا: يا رسول الله، أهدي لنا حيس. فقال: «أَرِينيه، فلقد أصبحت صائمًا» فأكل.
رواه مسلم