SI
උපවාසය
රමළාන් මසෙහි අවසන් දින දහය
4 hadiths
وجوب الصيام وحكم تاركه
1
උපවාසයේ මහිමය
5
උපවාසයේ අතිරේක කරුණු
7
නව සඳ දැකීම
2
සැක සහිත දිනෙහි උපවාසයේ නිරත වීම
2
නිදහසට කරුණු ඇති අයවලුන්ගේ උපවාසය
1
උපවාසය අවලංගු කරන කරුණු
2
උපවසාය රකින්නාට අනිවාර්ය වන දෑ
1
උපවසාය රකින්නාට අනුමත දෑ
1
ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය
12
මස්ජිදයේ නැවතී (ඉඃතිකාෆ්) සිටීම
1
රමළාන් මසෙහි අවසන් දින දහය
4
රමළාන්
2
4 hadiths
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ."
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"
متفق عليه
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
متفق عليه