Hadith for the World
උපවාසය

උපවාසයේ අතිරේක කරුණු

7 hadiths

7 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”متفق عليه
සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
عن أنس بن مالك رضي الله عنه قال: كان رسولُ اللهِ صلى الله عليه وسلم يُفطِر قبْل أن يصلي على رُطَبات، فإن لم تكنْ رُطَباتٌ فَتُمَيْراتٌ، فإن لم تكنْ تُمَيْراتٌ، حَسَا حَسَواتٍ مِن ماء.رواه أبو داود والترمذي وأحمد
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සෙයිද් බින් කාලිද් අල් ජුහනී (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. “කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය. නමුත් උපවාසය රකින්නාගේ කුසලින් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
عن ابن عمر قال: كان رسول الله صلى الله عليه وسلم إذا أفطر قال: "ذهب الظمأُ، وابتلت العروق، وثبت الأجر إن شاء الله".رواه أبو داود