Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 49 languages
«සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ඇතැම් සහබාවරු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළහ. පසුව එතුමාණෝ ෆජ්ර් සලාතය සඳහා නැගී සිටියහ. එවිට අනස් තුමා සෙයිද් ඉබ්නු සාබිත් දෙස බලා, "අදාන් හා සහර් අවසානය දක්වා අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියහ. එවිට සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ. "එය දීර්ග නොවන, කෙටි නොවන, එමෙන්ම වේගවත් නොවන, මන්දගාමී නොවන, මධ්‍යස්ථ ආයත් පනහක් කියවන ප්‍රමාණයකි."

Source
متفق عليه
Download image

Saved at original quality