Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 51 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්ව (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) අත්පත් කර ගන්නා තෙක්ම එතුමාණෝ රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිට නැමදුම් කරන්නට වූහ. එතුමාණන්ගෙන් පසුව එතුමාණන්ගේ බිරියන් ඉඃතිකාෆ් සිටියහ."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අනිවාර්යය කර ගත් බව මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියාය. එය ලයිලතුල් කද්ර් හෙවත් බලගතු රාත්‍රිය සෙවීම පිණිසය. අල්ලාහ් එතුමාණන්ව අත්පත් කර ගන්නා තුරුම එතුමාණෝ එලෙස කටයුතු කර ඇත්තාහ. එතුමාණන්ගෙන් පසු එතුමාණන්ගේ බිරින්දෑවරු එසේ මස්ජිදයේ ඉඃතිකාෆ් සිටීම අනිවාර්යය කර ගත්හ.

Source
متفق عليه
Download image

Saved at original quality