Hadith for the World
Tap the image to view it full size
ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 42 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

සැබැවින්ම හොඳින් අල් කුර්ආනය කටපාඩම් කර එය ප්‍රගුණ කරගත්, එය ඉතා දක්ෂ හා මනා ලෙස පාරායනය කරන අය වනාහි, ඔහුට මතුලොවෙහි කුසල් හිමිය. එය ඔහුගේ නිලය යහපත් උතුම් දේව දූතයින් සමග වීමෙනි. එමෙන්ම අල්-කුර්ආනය ධාරණය කිරීමේ දුර්වලතාවය නිසා එය හදාරමින් සිටිය දී අසීරුවෙන් හා අමාරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය. එනම් අල් කුර්ආනය කියවීම සඳහා හිමිවන කුසල හා ඔහු කියවීමේ දී තටම තටමා අසීරුවෙන් කියවීම සඳහා වන කුසලයි.

Source
متفق عليه
Download image

Saved at original quality