SI
මහිමයන්
ශුද්ධ වූ අල්කුර්ආනයෙහි මහිමයන්
5 hadiths
ශිල්පය හැදෑරීමේ මහිමය
8
ඒකීයකරණයේ මහිමයන්
4
ශුද්ධ වූ අල්කුර්ආනයෙහි මහිමයන්
5
දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමේ මහිමයන්
3
ඥාතී සබඳකම් පැවත්වීමේ මහිමයන්
1
නබි තුමාගේ පෙළපත හා බැඳුණු මහිමයන් (අල්ලාහ්ගේ තෘප්තිය ඔවුනට අත් වේවා)
4
යහපත් ක්‍රියාවන් හා බැඳුණු මහිමයන්
16
(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්
10
(දුආ) ප්‍රාර්ථනාව හා බැඳුණු මහිමයන්
5
සිත හා බැඳුණු ක්‍රියාවන්හි මහිමයන්
4
කය හා බැඳුණු ක්‍රියාවන්හි මහිමයන්
6
5 hadiths
عن أبي أمامة رضي الله عنه قال: سمعتُ رسولَ اللهِ صلى الله عليه وسلم يقولُ: «اقْرَؤُوا القرْآنَ؛ فَإنَّهُ يَأتِي يَوْمَ القِيَامَةِ شَفِيعًا لأَصْحَابِهِ».
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.”
رواه الترمذي
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය."
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد