Hadith for the World
මහිමයන්

කය හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්

6 hadiths

6 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි" යැයි පැවසූහ. අබූ කිලාබා තුමා: "හෙතෙම තම පවුලෙන් ආරම්භ කර ඇති" බව පැවසීය. තවදුරටත් අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: ‘තම කුඩා පවුල වෙනුවෙන් වියදම් කරන මිනිසාට හිමි ප්‍රතිඵලයට වඩා උතුම් වනුයේ වෙනත් කවර මිනිසෙකුගේ ප්‍රතිඵල ද? අල්ලාහ් ඔහු තුළින් ඔවුන්ට පෝෂණය ලබා දී, ඔවුනට සෙත සලසා දෙයි. තවද ඔවුන් පොහොසත් කරයි."رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”رواه مسلم
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේද ඔහුට මේ මේ කුසල් හිමිවනු ඇත. තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට පළමුවෙන් ලැබුණු කුසල් වලට වඩා අඩුවෙන් මේ කුසල් හිමිවනු ඇත.තවද ඔහු තුන්වන පහරින් මරා දැමුවේ නම් ඔහුට මේ කුසල් හිමිවනු ඇත.“ තවත් වාර්තාවක, “කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය.තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
عن أبي سعيد الخُدْرِي رضي الله عنه قال: جاءت امرأة إلى رسول الله صلى الله عليه وسلم فقالت: يا رسول الله، ذهب الرجال بِحَدِيثِكَ، فاجْعَل لنَا من نَفْسِك يومًا نَأتِيكَ فيه تُعَلِّمُنَا مما عَلَّمَكَ الله، قال: «اجْتَمِعْنَ يَوَم كَذَا وكَذَا» فَاجْتَمَعْنَ، فأتَاهُنَّ النبي صلى الله عليه وسلم فَعَلَّمَهُنَّ مما عَلَّمَهُ الله، ثم قال: «ما مِنْكُنَّ من امرأة تُقَدِّمُ ثَلاَثَة من الولد إلا كانوا حِجَابًا من النَّارِ» فقالت امرأة: واثنين؟ فقال رسول الله صلى الله عليه وسلم : «واثنين».متفق عليه