SI
මහිමයන්
(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්
10 hadiths
ශිල්පය හැදෑරීමේ මහිමය
8
ඒකීයකරණයේ මහිමයන්
4
ශුද්ධ වූ අල්කුර්ආනයෙහි මහිමයන්
5
දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමේ මහිමයන්
3
ඥාතී සබඳකම් පැවත්වීමේ මහිමයන්
1
නබි තුමාගේ පෙළපත හා බැඳුණු මහිමයන් (අල්ලාහ්ගේ තෘප්තිය ඔවුනට අත් වේවා)
4
යහපත් ක්‍රියාවන් හා බැඳුණු මහිමයන්
16
(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්
10
(දුආ) ප්‍රාර්ථනාව හා බැඳුණු මහිමයන්
5
සිත හා බැඳුණු ක්‍රියාවන්හි මහිමයන්
4
කය හා බැඳුණු ක්‍රියාවන්හි මහිමයන්
6
10 hadiths
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මා ඔබට දන්වා සිටින්න ද?“ යැයි විමසූහ. ඔවුහු: “එසේය“ යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: "ඔබ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමය“ යැයි පැවසූහ.
رواه الترمذي وابن ماجه وأحمد
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
رواه مسلم
අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ: "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර් අල්-ගිෆාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ප්‍රකාශ කුමක්දැයි මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ප්‍රකාශ වනුයේ ‘සුබ්හානල්ලාහි වබිහම්දිහි’ යන ප්‍රකාශයයි.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන වෙනත් පිරිසක් ගෙනැවිත් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව අයැදින්නට සලස්වා පසුව ඔහු ඔවුනට සමාව දෙයි.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල් බාකියාතුස් සාලිහාත් හෙවත් ශේෂව පවතින යහකම් යනු ලා ඉලාහ ඉල්ලල්ලාහු, සුබ්හානල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්හම්දු ලිල්ලාහ්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන යහ වදන්ය.
ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ."
متفق عليه
තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. "අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."
رواه مسلم
උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.
رواه مسلم