Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ:

Available in 48 languages
«අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ: "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අධික ලෙස පාපොච්චාරණය කර සමාව අයදින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට නියෝග කළහ. එමෙන්ම තමන් පෙර කළ හා පසු කළ පාපයන්ට සමාව දෙනු ලැබ තිබිය දී පවා තමන් අල්ලාහ් වෙත පාපොච්චාරණය කර, දිනකට සිය වාරයකට වඩා අධික ලෙස ඔහුගෙන් සමාව අයදින බව එතුමාණෝ තමන් ගැනම දන්වා සිටියහ. මේ සෑම දෙයකම කිර්තිමත් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ පූර්ණ යටහත්භාවය හා ගැතිභාවය ඇතුළත්ව ඇත.

Source
رواه مسلم
Download image

Saved at original quality