Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

(දික්ර්) තෙපලීම සමබන්ධයෙන් නබි තුමාණන්ගේ මඟපෙන්වීම

5 hadiths

5 hadiths

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කර සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")متفق عليه، وهذا لفظ مسلم ورواه البخاري مختصرًا
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.”ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ: "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)رواه مسلم