Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

(දුආ) ප්රාර්ථනාව පිළිගනු ලැබීමේ හා එය වළක්වනු ලැබීමේ හේතු සාධක

4 hadiths

4 hadiths

අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර් ඉබ්නු අබසා (රළියල්ලාහු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."رواه أبو داود والترمذي والنسائي
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම රාත්රියේ හෝරාවක් ඇත. මෙලොව හා මතුලොව කරුණක් පිළිබඳ යහපතක් මිනිසෙකු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, එය(එම හෝරාව)ට සමාන්තරව පිහිටියේ නම් එය ඔහුට පිරිනමනු මිස නැත. එය මුලු රාත්රියේම වේ.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ."رواه أبو داود والترمذي والنسائي