Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

නබි පිළිවෙත තුළ පැවති ප්රාර්ථනාවන්

18 hadiths

18 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කර සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")متفق عليه، وهذا لفظ مسلم ورواه البخاري مختصرًا
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය, අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී මින් කුල්ලි කයිරින්. වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.” තේරුම: (අහෝ අල්ලාහ්! මාගේ සියලු කාර්යයන්හි ආරක්ෂාව වූ මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව. එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව. කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා මගේ ආයුෂ දීර්ඝ කරනු මැනව. සියලු උවදුරුවලින් සහන ලබන අයුරින් මාගේ මරණය පහසු කරනු මැනව.”رواه مسلم
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රාර්ථනාව අයැදිමින් සිටි බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)متفق عليه
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)رواه أبو داود والنسائي وابن ماجه وأحمد
අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කරන්නෙක් වූහ: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පහත සඳහන් මෙම වචනවල් පවසා ප්‍රාර්ථනා කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් බින් අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.رواه النسائي وأحمد
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි.متفق عليه
සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් කවර තත්ත්වයක පසු වූයේ ද එය හැර මම ඔබලාට වෙනත් කිසිවක් නොපවසමි." එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි, වල් කසලි, වල් ජුබ්නි, වල් බුහ්ලි, වල් හරමි, වඅදාබිල් කබ්රි. අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත හඃය්රුන් මන් සක්කාහා, අන්ත වලිය්යුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ. වමින් කල්බින් ලා යහඃෂඋ. වමින් නෆ්සින් ලා තෂ්බඋ. වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා." (අහෝ දෙවිඳුනි! නොහැකියාව, මැලිකම, බියගුලුකම, මසුරුකම, වයෝවෘද්ධකම හා කබ්ර්හි වේදනාව යනාදියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි,! මාගේ ආත්මයට එහි දේව හැඟීම පිරිනමනු මැනව! එය පිවිතුරු කරනු මැනව. පිවිතුරු කරන්නන්ගෙන් ඔබ අති ශ්‍රේෂ්ඨය. ඔබ එහි භාරකරුය. එහි හිමිකරුය. අහෝ දෙවිඳුනි! ප්‍රයෝජනවත් නොවන දැනුමෙන් ද බිය නොවන හදවතින් ද කුස නොපිරෙන මනසින්ද පිළිගනු නොලබන පැතුමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.)رواه مسلم
عن أبي هريرة-رضي الله عنه مرفوعاً: «اللهم إني أعوذ بك من الجوع، فإنه بِئْسَ الضَّجِيعُ،وأعوذُ بِكَ منَ الخِيَانَةِ، فَإنَّهَا بِئْسَتِ البِطَانَةُ».رواه أبو داود والنسائي وابن ماجه
عن أنس بن مالك رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم يقول: «اللهم إني أعوذ بك من العَجْزِ، والكَسَلِ، وَالجُبْنِ، والهَرَمِ، والبخل، وأعوذ بك من عذاب القبر، وأعوذ بك من فتنة المحيا والممات». وفي رواية: «وَضَلَعِ الدَّيْنِ، وَغَلَبَةِ الرِّجَالِ».متفق عليه. والرواية الثانية رواها البخاري دون مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට පැවසූ බව පවසමින් අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න.رواه مسلم
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «تعوذوا بالله من جَهْدِ البلاء، وَدَرَكِ الشقاء، وسوء القضاء، وشماتة الأعداء». وفي رواية قال سفيان: أشك أني زدت واحدة منها.متفق عليه
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ. اللهم إني أعوذ بك من البَرَصِ، والجُنُونِ، والجُذَامِ، وَسَيِّئِ الأسْقَامِ “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."رواه مسلم
عن ابن عباس رضي الله عنهما ، قال: كان النبيُّ صلى الله عليه وسلم يدعو: «ربِّ أَعِنِّي ولا تُعِن عليَّ، وانصرني ولا تنصر عليَّ، وامكر لي ولا تمكر عليَّ، واهدني ويسِّر هُدايَ إليَّ، وانصرني على مَن بغى عليَّ، اللهم اجعلني لك شاكرًا، لك ذاكرًا، لك راهبًا، لك مِطواعًا، إليك مُخْبِتًا، أو مُنِيبا، رب تقبَّل توبتي، واغسل حَوْبتي، وأجب دعوتي، وثبِّت حُجَّتي، واهدِ قلبي، وسدِّد لساني، واسْلُلْ سَخِيمةَ قلبي».رواه أبو داود والترمذي وابن ماجه وأحمد
عن أبي بكر الصديق رضي الله عنه: أنه قال لرسول الله صلى الله عليه وسلم: علمني دعاء أدعو به في صلاتي، قال: "قل: اللهم إني ظلمت نفسي ظلما كثيرا، ولا يغفر الذنوب إلا أنت، فاغفر لي مغفرة من عندك، وارحمني إنك أنت الغفور الرحيم".متفق عليه
عَنْ أَبِي مَالِكٍ الْأَشْجَعِيُّ عَنْ أَبِيهِ قَالَ: كَانَ الرَّجُلُ إِذَا أَسْلَمَ عَلَّمَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلَاةَ، ثُمَّ أَمَرَهُ أَنْ يَدْعُوَ بِهَؤُلَاءِ الْكَلِمَاتِ: «اللهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَاهْدِنِي وَعَافِنِي وَارْزُقْنِي». وَفِي رِوَايَةٍ: أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَتَاهُ رَجُلٌ، فَقَالَ: يَا رَسُولَ اللهِ كَيْفَ أَقُولُ حِينَ أَسْأَلُ رَبِّي؟ قَالَ: «قُلْ: اللهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَعَافِنِي وَارْزُقْنِي» وَيَجْمَعُ أَصَابِعَهُ إِلَّا الْإِبْهَامَ «فَإِنَّ هَؤُلَاءِ تَجْمَعُ لَكَ دُنْيَاكَ وَآخِرَتَكَ».رواه مسلم