Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

උදේ සවස කිවයුතු (දික්ර්) මෙනෙහි කිරීම්

4 hadiths

4 hadiths

عن عبد الله بن مسعود رضي الله عنه قال: كان نبي الله صلى الله عليه وسلم إذا أمسى قال: «أمسينا وأمسى الملك لله، والحمد لله، لا إله إلا الله وحده لا شريك له» قال الراوي: أَرَاهُ قال فِيهِنَّ: «له الملك وله الحمد وهو على كل شيء قدير، ربِّ أسألك خير ما في هذه الليلة وخير ما بعدها، وأعوذ بك من شر ما في هذه الليلة وشر ما بعدها، رب أعوذ بك من الكسل، وسُوءِ الكِبَرِ، رب أعوذ بك من عذاب في النار، وعذاب في القبر»، وإذا أصبح قال ذلك أيضا «أصبحنا وأصبح الملك لله».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට ෂද්දාද් ඉබ්නු අව්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ප්‍රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය. اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු إِلَّا أَنْتَ නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කාලයේ පවසා එදින සවස් වන්නට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි. එමෙන්ම කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රාත්‍රී කාලයේ පවසා උදෑසන උදා වීමට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි.رواه البخاري
අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.رواه أبو داود والترمذي والنسائي
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”متفق عليه