Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

පොදුවේ කිවයුතු (දික්ර්) මෙනෙහි කිරීම්

5 hadiths

5 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"ය. දුආ හෙවත් ප්‍රාර්ථනා අතරින් වඩාත් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලාහ්"ය."رواه الترمذي والنسائي في الكبرى وابن ماجه
අල් බාකියාතුස් සාලිහාත් හෙවත් ශේෂව පවතින යහකම් යනු ලා ඉලාහ ඉල්ලල්ලාහු, සුබ්හානල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්හම්දු ලිල්ලාහ්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන යහ වදන්ය.ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්‍රිය මනාප වදන් දෙකකි. සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය.- සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”رواه مسلم
عَنْ أَبِي مَالِكٍ الْأَشْجَعِيُّ عَنْ أَبِيهِ قَالَ: كَانَ الرَّجُلُ إِذَا أَسْلَمَ عَلَّمَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلَاةَ، ثُمَّ أَمَرَهُ أَنْ يَدْعُوَ بِهَؤُلَاءِ الْكَلِمَاتِ: «اللهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَاهْدِنِي وَعَافِنِي وَارْزُقْنِي». وَفِي رِوَايَةٍ: أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَتَاهُ رَجُلٌ، فَقَالَ: يَا رَسُولَ اللهِ كَيْفَ أَقُولُ حِينَ أَسْأَلُ رَبِّي؟ قَالَ: «قُلْ: اللهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَعَافِنِي وَارْزُقْنِي» وَيَجْمَعُ أَصَابِعَهُ إِلَّا الْإِبْهَامَ «فَإِنَّ هَؤُلَاءِ تَجْمَعُ لَكَ دُنْيَاكَ وَآخِرَتَكَ».رواه مسلم