Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 40 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: ආදම්ගේ පුත්‍රයාට රනින් පිරුණු නිම්නයක් ලබා දුන්න ද ඔහු ඊට පරව නිම්න දෙකක් තමන්ට හිමි කර ගැනීමට දැඩි සේ ආශා කරනු ඇත. ඔහු මිය ගොස් මුඛය මිනිවලෙහි පසින් පිරෙන තෙක් මෙලොව කෙරෙහි කෑදර කමින් පසුවනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality