Hadith for the World
සදාචාරයේ නීති විද්යාව

අපහාසාත්මක සාරධර්ම

21 hadiths

21 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමාණෝ විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම" යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘දැනගනු, නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේය යැයි පැවසූහ. එතුමා නිහඬ නොවන්නේදැයි අපි පවසන තරමට එතුමාණෝ එය නැවත නැවතත් ප්‍රකාශ කරමින්ම සිටියහ.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «أتدرون من المفلس؟» قالوا: المُفْلِس فينا من لا دِرهَمَ له ولا مَتَاع، فقال: «إن المفلس من أمتي من يأتي يوم القيامة بصلاة وصيام وزكاة، ويأتي وقد شَتَمَ هذا، وقذف هذا، وأكل مال هذا، وسَفَكَ دم هذا، وضرب هذا، فيعطى هذا من حسناته، وهذا من حسناته، فإن فنيت حسناته قبل أن يُقْضَى ما عليه، أخذ من خطاياهم فَطُرِحتْ عليه، ثم طُرِحَ في النار».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."متفق عليه
සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."متفق عليه
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය." ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙයද මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අන්ධකාරය (අපාරාධය) ගැන දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය. එමෙන්ම මසුරුකම ගැන ද ඔබ දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම එය නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය."ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය. ඔබ රහස්‍ය දෑට සවන් නො දෙන්න. විපරම් නො කරන්න. එකිනෙකාට ඊර්ෂ්‍යා නො කරන්න. එකිනෙකාට පිටුපාමින් කටයුතු නො කරන්න. එකිනෙකාට ක්‍රෝධයෙන් කටයුතු නො කරන්න. ඔබ සැම අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටින්න"متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට, ඔහුගේ ග්‍රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «بينما رجل يمشي في حُلَّةٍ تُعْجِبُهُ نَفْسُهُ، مُرَجِّلٌ رأسه، يَخْتَالُ في مَشْيَتهِ، إذ خَسَفَ اللهُ به، فهو يَتَجَلْجَلُ في الأرض إلى يوم القيامة".متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.” එවිට මිනිසකු: “පුද්ගලයෙක් තම ඇදුම අලංකාරව හා තම පාවහන් අලංකාරව තබා ගැනීමට ප්රිය කරයි. යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්රිය කරයි. අහංකාරය යනු සත්යය ගැන උදම් අනමින් ජනයා පාගා දැමීමය.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් සහ මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හුමා) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”رواه مسلم في مقدمته
හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගිය බවත්, එවිට ඔහු: "මොවුන්ගේ විෂය කුමක්ද?" යැයි විමසා සිටි බවත් "ජිස්යා බදු හේතුවෙන් ඔවුන් සිරගත කර ඇති." බව තමන්ට ඔවුන් පවසා සිටි බවත් වාර්තා කළේය. එවිට හිෂාම් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි." "නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි."رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."متفق عليه
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ عَلَى صُبْرَةِ طَعَامٍ فَأَدْخَلَ يَدَهُ فِيهَا، فَنَالَتْ أَصَابِعُهُ بَلَلًا فَقَالَ: «مَا هَذَا يَا صَاحِبَ الطَّعَامِ؟» قَالَ أَصَابَتْهُ السَّمَاءُ يَا رَسُولَ اللهِ، قَالَ: «أَفَلَا جَعَلْتَهُ فَوْقَ الطَّعَامِ كَيْ يَرَاهُ النَّاسُ؟ @مَنْ غَشَّ فَلَيْسَ مِنِّي».رواه مسلم