Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 53 languages
«සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල වටා ඇති නහර ද ඉදිමී තිබිණ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: 'සැබැවින්ම මම වදනක් දනිමි. එය මහත්සේ කෝපයට පත් වූ මෙම තැනැත්තා පවසන්නේ නම්, කෝපය ඔහුගෙන් පහව යනු ඇත. ඔහු 'අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ් වෙත පතමි.) යැයි පැවසුවේ නම් මැනව.' යැයි පැවසුහ. එවිට එහි සිටි පිරිස ඔහුට: 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පතන මෙන් පවසා සිටියේ යැ'යි පවසා සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද?' යැයි පවසා සිටිය. ඔහු ඉන් අදහස් කළේ පිස්සු හැඳුණු අයකු මිස වෙනත් කිසිවකු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව නොපතන බවය.

Source
متفق عليه
Download image

Saved at original quality