Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගිය බවත්, එවිට ඔහු: "මොවුන්ගේ විෂය කුමක්ද?" යැයි විමසා සිටි බවත් "ජිස්යා බදු හේතුවෙන් ඔවුන් සිරගත කර ඇති." බව තමන්ට ඔවුන් පවසා සිටි බවත් වාර්තා කළේය. එවිට හිෂාම් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි."

Available in 40 languages
«හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගිය බවත්, එවිට ඔහු: "මොවුන්ගේ විෂය කුමක්ද?" යැයි විමසා සිටි බවත් "ජිස්යා බදු හේතුවෙන් ඔවුන් සිරගත කර ඇති." බව තමන්ට ඔවුන් පවසා සිටි බවත් වාර්තා කළේය. එවිට හිෂාම් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි." "නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අරාබි නොවන අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගියෝය. එවිට ඔහු: "මොවුන්ගේ කරුණ කුමක්ද?" යැයි විමසා සිටියේය. ඔවුන් ජිස්යා බදු ගෙවීමට හැකියාව තිබියදීත් එය නොගෙවීම හේතුවෙන් ඔවුනට මෙලෙස සිදු කර ඇති බව ඔහුට දන්වා සිටියේය. එවිට හිෂාම් (රළියල්ලාහු අන්හු) තුමා, 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි' යැයි පවසා මෙසේ පැවසීය: "යුක්තියකින් තොරව අපරාධකාරී ලෙස මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට නියත වශයෙන්ම, අල්ලාහ් වධ හිංසා කරයි."

Source
رواه مسلم
Download image

Saved at original quality