මහිමයන් සහ ආචාරධර්ම
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
Available in 70 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”»Meaning translation ·
Saved at original quality








