Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී.

Available in 48 languages
«ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ට ඉමහත් දුකක් කරදරයක් ඇති වූ අවස්ථාවක මෙසේ පවසන්නට වූහ: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල්" නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. "අළීම්" සර්වබලධාරීය. ඔහුගේ පැවැත්ම ඔහුගේ ගුණාංග සහ ඔහුගේ ක්‍රියාවෙහි ඔහු තේජාන්විතය. "හලීම්" පාපිෂ්ඨයාට දඬුවම් කිරීමට හැකියාව තිබීයදී පවා ඒ සඳහා ඉක්මන් නොවී එය ප්‍රමාද කර සමාව දෙන්නට බලන්නාය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්, හඃාලිකුල් අර්ෂි අළීම් " අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි" අහස් හා මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක තුළ ඇති දෑහි ද මැවුම්කරුය. එහි රජුය එය හැඩගස්වන්නාය. ඔහු අභිමත කරන පරිදි සියල්ල ක්‍රියාත්මක කරන්නාය. "රබ්බුල් අර්ෂිල් කරීම්, හඃාලිකුල් අර්ෂ් අල්කරීම් . අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය.

Source
متفق عليه
Download image

Saved at original quality