Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 63 languages
«උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ෂෙයිතාන් මා හා මාගේ සලාතය අතර බාධා කරයි. එහි පැවතිය යුතු භක්තිය මගෙන් වළක්වාලයි. මාගේ පාරායනය මට අවුල් කරයි. එහි සැකය ඇති කරයි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) ඔහුට: එය 'හිඃන්සබ් නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබ ඔහුව දකින්නේ නම් හෝ ඔබට ඔහුව දැනෙන්නේ නම්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. එමෙන්ම ඔහුගෙන් ආරක්ෂාව ද අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට හැරී සුළුවෙන් කෙළ පිට කර තුන් වරක් පිඹින්න යැයි පැවසූහ. උස්මාන් තුමා: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට අණ කළ පරිදි මම එය සිදු කළෙමි. එවිට අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය." යැයි පැවසීය.

Source
رواه مسلم
Download image

Saved at original quality