Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 60 languages
«අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අල්ලාහ්ව අධිකව මෙනෙහි කරන්නන්ගේ නිලය ගැනත්, සැබැවින්ම ඔවුන් ‌හුදෙකලා වී ස්වර්ග උයහන්හි උසස් නිලයන් ලබමින් සෙසු අයට වඩා පෙරටුගාමීන් වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එමෙන්ම සෙසු කඳුවලින් වෙන්වී ඇති ජුම්දාන් කන්ද ඔවුනට උපමා ලෙස ගෙන හැර දැක්වූහ.

Source
رواه مسلم
Download image

Saved at original quality