Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 39 languages
«සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබියස අපි සිටියෙමු. එවිට එතුමාණෝ: "සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" යැයි විමසා සිටියහ. එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එතුමාණෝ: "සිය වාරයක් ඔහු තස්බීහ් පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මැකේ." යැයි පැවසුහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ: සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වනවා නොවේ ද?" එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු හෝ දිනක පහසුවෙන් පින් දහසක් උපයා ගත හැකි වනුයේ කෙසේ ද?' එතුමාණෝ: "ඔහු සිය වරක් 'සුබ්හානල්ලාහ' යැයි පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. මක්නිසාදයත් එක් යහපතකට ඒ හා සමාන කුසල් දහයක් හිමි වීමේ පදනම යටතේය. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මකා දමනු ලැබේ." යැයි පැවසුහ.

Source
رواه مسلم
Download image

Saved at original quality