Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 21 languages
«අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කරුණු තුනක් මරණය පසුපස හඹා යයි. එය ඔහුගේ පවුල, ඔහුගේ ධනය හා ඔහුගේ ක්රියාවයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර එකක් පමණක් ඉතිරිවෙයි. ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යන අතර ඔහුගේ ක්රියාව ඉතිරිව පවතී.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හදීසයේ තේරුම: මිනිසා මිය ගිය විට ඔහු ගැන ශෝකවන්නෝ ඔහු පසුපස හඹා යති. ඔහුගේ පවුල ඔහු පසුපස යති. ඔහුගේ මිනීවල දක්වාම ඔහු ගැන ශෝක වෙති. ඔහුගේ ධනය ද ඔහු පසුපස යයි. එනම් ඔහුගේ වහලුන් ඔහු සතු සේවකයින් යනාදියයි. ඔහුගේ ක්රියාවන් ද ඔහු සමගම පසුපස හඹා යයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර ඔහු සමග වන ඔහුගේ ක්රියාව පමණක් ඉතිරිව පවතී. එය යහපත් වී නම් යහපත් වනු ඇත. එය නපුරක් වී නම් නපුරු වනු ඇත.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality