Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 62 languages
«අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'යහපත හා පාපය කුමක්දැ?'යි මම විමසුවෙමි. එවිට එතුමාණෝ: “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

යහකම හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ. යහපත් කරුණු අතරින් ඉතා ඉහළම කරුණ වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග කටයුතු කිරීම හා මැවීම් සමග හිංසාවෙන් තොරව, කෝපය පාලනය කරමින්, සිනා මුසු මුහුණින්, යහපත් කතාවෙන්, ඥාතී සම්බන්ධකම් රකිමින්, කීකරුවෙමින්, මෛත්‍රියෙන්, යහපත සලසමින්, පවුල හා මිත්‍රයින් සමග සුහද ශීලීව ඇසුරු කරමින් කටයුතු කිරීම වේ. පාපය යනු, යම් චෙයක් සිදු කිරීමේ දී ඒ ගැන සිත තුළ ඇතිවන කුකුසයි. ඒ දේ කිරීමට හදවත විවෘත නොවේ. එමගින් සිත තුළ සැකය හට ගැනේ. පාපයක් වනු ඇතැයි බිය වේ. වෙනත් අයගේ නෙත්වලට එය අප්‍රසන්න දෙයක් වනු ඇතැයි හා මිනිසුන්ට ප්‍රදර්ශණය වනු ඇතැයි බියෙන් එය හෙළි කිරීමට නො සිතයි. ඊට හේතුව ස්වභාවයෙන්ම මිනිසා යහපත දෙස බැලීම ප්‍රිය කරන බැවිනි. ඇතැම් ක්‍රියාවන් දෙස බැලීම ඔබ පිළිකුල් කරන්නෙහි නම්, ඇත්තෙන්ම එය එහි කිසිදු යහපතක් නැති පාපයකි.

Source
رواه مسلم
Download image

Saved at original quality