Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:"

Available in 61 languages
«අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:" "ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද යොදා ගන්න.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මාගේ උරහිස (එනම් බාහුව හා උරහිස අතර සන්ධි වන ස්ථානය) අල්ලාගෙන මෙසේ මට පැවසූහ." යැයි ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ මෙලොවෙහි ආගන්තුකයෙකු මෙන් ජීවත් වන්න. ආගන්තුකයා ගමකට පැමිණෙයි. ඔහුට රැකවරණය ලබන්නට වාසස්ථානයක් හෝ සංග්‍රහ කිරීමට නිවැසියෙක් හෝ නැත. මැවුම්කරුගෙන් දුරස්ව කටයුතු කරන්නට හේතු වූ පවුල, දරුවන් සහ සබඳතා වලින් ඔහු නිදහස්ය. ආගන්තුකයකුට වඩා දැඩි අයකු මෙන් වනු. එනම් තම ගමරට බලා මඟ තරණය කරන්නෙකු මෙන් වනු. එසේ පවසනන්නට හේතුව ආගන්තුකයා සත්කාරක ප්‍රදේශයක වාසය කරයි, නවාතැන් ගනියි. නමුත් රටක් බලා මඟ තරණය කරන්නා ඊට වෙනස් ය. ඔහුගේ කාර්යය වනුයේ සහනයක් ලැබීම මිස, එහි නතර වීම නොවේ. ඔහු තම රටට සේන්දුවීමට අපේක්ෂාවෙන් සිටියි. මගියාට තම ගමන නිමා කිරීමට වැඩි යමක් අවශ්‍ය නොවන සේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට අදාළ ස්ථානයට ළඟාවීමට මෙලොවෙහි වැඩියමක් අවශ්‍ය වන්නේ නැත." ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙම උපදෙස පිළිපැද්දාහ. එසේම හෙතෙම මෙසේ පවසා සිටියේය. "ඔබ උදේ වරුවට ළඟා වූ විට, සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ සවස් වරුවට ළඟා වූ විට, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. මිනීවලවල්හි වාසය කරන්නන් අතර ඔබවත් සලකන්න. සැබැවින්ම ආයු කාලය යනු එය නීරෝගී හා රෝගී බවින් තොර නොවේ." ඔබේ රෝගී කාලය වෙනුවෙන් ඔබේ නීරෝගී කාලය කල් ඇතිවම අල්ලාහ්ට අවනත වීම සඳහා යොදා ගන්න. ඔබ හා ඔබේ සෞඛ්‍යය අතර රෝගී තත්ත්වය පැමිණෙන්නට පෙර නිරෝගී කාලය තුළ දැහැමි ක්‍රියාවක් සඳහා අවස්ථාව උදා කර ගන්න. මෙලොවෙහි ඔබේ ජීවිතය සඳහා අවස්ථාව උදා කර ගන්න. ඔබේ මරණයෙන් පසු ඔබට සෙත සළසන දෑ එහි එක්රැස් කර ගන්න.

Source
رواه البخاري
Download image

Saved at original quality