Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

වහ්ෂී ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 40 languages
«වහ්ෂී ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි, අපි අනුභව කරන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත.' යැයි ඔවුහු පවසා සිටියහ. එතුමාණෝ: "ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක" යැයි පවසා සිටියහ. ඔවුහු: ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. ඉන්පසු එතුමාණෝ: "ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ඇතැම් සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරමින් මෙසේ පවසා සිටියහ: සැබැවින්ම අපි ආහාර ගන්නෙමු. නමුත් බඩ පිරෙන්නේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "ඔබ ආහාර ගන්නා විට වෙන් වෙන්වී තනිව එකිනෙකා ආහාර ගන්නා විය හැක" ඔවුහු ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ: ඔබ වෙන් නොවී එකට ආහාරය ගන්න. ආහාර ගන්නා විට, බිස්මිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිය ඇති කරනු ඇත.

Source
رواه أبو داود وابن ماجه وأحمد
Download image

Saved at original quality