ආගමික නීති හා එහි මූලධර්ම
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
Available in 47 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.»Meaning translation ·
Saved at original quality








