Hadith for the World
මහිමයන්

ශිල්පය හැදෑරීමේ මහිමය

8 hadiths

8 hadiths

عن أنس بن مالك رضي الله عنه قال: كان أخوانِ على عهد النبي صلى الله عليه وسلم وكان أحدُهما يأتي النبي صلى الله عليه وسلم والآخر يَحتَرِف، فَشَكَا الُمحتَرِف أَخَاه للنبي صلى الله عليه وسلم فقال: «لعَلَّك تُرزَقُ بِهِ».رواه الترمذي
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දැනුම සොයා පිටත් ව ගියේ ද ඔහු නැවත හැරී එන තුරු අල්ලාහ්ගේ මාර්ගයේ සිටියි.”ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධය පිරිනමනු ඇත. සැබැවින්ම මම බෙදා හරින්නෙක්මි. අල්ලාහ් පිරිනමයි. මෙම සමූහයා අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් ඔවුනට විරුද්ධ වූ අය ඔවුනට හිංසා කළ නොහැක."متفق عليه
عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «النَّاسُ مَعَادِن كَمَعَادِن الذَّهَب وَالفِضَّة، خِيَارُهُم فِي الجَاهِلِيَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقُهُوا، والأَرْوَاحُ جُنُودٌ مُجَنَّدَة، فَمَا تَعَارَفَ مِنْهَا ائتَلَفَ، وَمَا تَنَاكَرَ مِنْهَا اخْتَلَفَ». وعن أبي هريرة رضي الله عنه قال: قال رسول الله -صلى الله عليه وسلم: «تَجِدُون النَّاسَ مَعَادِن: خِيَارُهُم فِي الجَاهِليَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقِهُوا، وَتَجِدُون خِيَار النَّاس فِي هَذَا الشَّأْن أَشَدُّهُم كَرَاهِيَة لَه، وَتَجِدُون شَرَّ النَّاس ذَا الوَجْهَين، الَّذِي يَأْتِي هَؤُلاَء بِوَجه، وَهَؤُلاَء بِوَجْه».الحديث الأول: متفق عليه، ولفظه لمسلم؛ وروى البخاري أوله، وروى آخره عن عائشة -رضي الله عنها-. الحديث الثاني: متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා."رواه مسلم