SI
මහිමයන්
(දුආ) ප්රාර්ථනාව හා බැඳුණු මහිමයන්
5 hadiths
ශිල්පය හැදෑරීමේ මහිමය
8
ඒකීයකරණයේ මහිමයන්
4
ශුද්ධ වූ අල්කුර්ආනයෙහි මහිමයන්
5
දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමේ මහිමයන්
3
ඥාතී සබඳකම් පැවත්වීමේ මහිමයන්
1
නබි තුමාගේ පෙළපත හා බැඳුණු මහිමයන් (අල්ලාහ්ගේ තෘප්තිය ඔවුනට අත් වේවා)
4
යහපත් ක්රියාවන් හා බැඳුණු මහිමයන්
16
(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්
10
(දුආ) ප්රාර්ථනාව හා බැඳුණු මහිමයන්
5
සිත හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්
4
කය හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්
6
5 hadiths
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව උම්මු දර්දා සහ අබූ දර්දා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“
رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ප්රාර්ථනාව යනු, එයමය නැමදුමවේ" යැයි පවසා මෙම (සූරා ගාෆිර්: 60 වැනි) පාඨය පාරායනය කළහ. "තවද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි."
رواه أبو داود والترمذي وابن ماجه وأحمد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් වෙත ප්රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
رواه الترمذي وابن ماجه وأحمد
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දැහැමි දරුවා."
رواه مسلم
عن أبي هريرة أن رسول الله صلى الله عليه وسلم ذكر يوم الجمعة، فقال: «فيه ساعة، لا يوافقها عبدٌ مسلمٌ، وهو قائم يصلي، يسأل الله تعالى شيئًا، إلا أعطاه إياه» وأشار بيده يقللها.
متفق عليه