Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 48 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

උත්තරීතර සර්වබලධාරී අල්ලාහ් පවසා සිටි බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. කිසිදු ඇසක් එහි ස්වභාවය නොදුටු, කිසිදු කනක් එහි ගුණාංග ගැන සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් එය කුමක්දැයි කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් හට ගෞරවයක් ලෙස ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ සූදානම් කර ඇත්තෙමි. අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් කියවා බලන්න. "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී." (අස්-සජදා: 17)

Source
متفق عليه
Download image

Saved at original quality