Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මේ වාර්තා කරන ලදී.

Available in 62 languages
«ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මේ වාර්තා කරන ලදී. සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ සිටිය දී ඇය දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳවත් එහි ඇති ප්‍රතිමා, රූප හා අලංකරණයන් පිළිබඳවත් පුදුමයෙන් යුතුව මෙනෙහි කළාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රතිමා ඉදි කිරීමට හේතු වූ සාධක පැහැදිළි කළහ: එතුමා‌ණෝ, 'සඳහන් කරනු ලැබූ ඔවුන් වනාහි, ඔවුන් අතර දැහැමි තැනැත්තෙකු මිය ගිය විට ඔවුන් ඔහුගේ මිනිවළ මත දේවස්ථාන ඉදි කර එහි යාඥාවල නිරත වෙයි. එම රූපය ඔවුන් නිර්මාණ කරයි යැයි පවසා සිටියහ. සැබැවින්ම එසේ සිදු කරන්නා උත්තරීතර අල්ලාහ් අබියස මැවීම් අතරින් වඩාත් නපුරුම තැනැත්තා බව ද පැහැදිළි කළහ. ඊට හේතුව, එසේ සිදු කිරීම උත්තරීතර අල්ලාහ්ට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality