Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 54 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. "»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

සහාබාවරුන්ට දොස් නැගීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මුහාජිර් හා අන්සාර් සහාබිවරුන් විෂයයෙහි සැලකිලිමත් විය යුතුය. එතුමාණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "ජනයා අතරින් කිසිවෙකු හෝ උහද් කන්ද තරම් රන් වැය කර තිබුණ ද, කිසියම් සහාබිවරයකු වැය කළ ආහාර මුද්දුවක හෝ ඉන් අඩක ප්‍රමාණයක කුසල් ඔහු වෙත ලඟා වන්නේ නැත. "අල්-මුද්දු" යනු සාමාන්‍ය ශරීර මැවීමක් සහිත මිනිසෙකුගේ දෝත පිරෙන්නෙට ඇති ප්‍රමාණය වේ.- එය ඔවුන්ගේ අවංක භාවය, ඔවුන්ගේ චේතනාවේ අව්‍යාජභාවය, ඔවුන් වැය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කා ජයග්‍රහණයට පෙර ඔවුන් යුද වැද තිබීම."

Source
متفق عليه
Download image

Saved at original quality