ආගමික නීති හා එහි මූලධර්මඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
Available in 59 languages «අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු සෑම අනිවාර්යය සලාතයෙන් පසු ආයතුල් කුර්සී පාරායනය කළේ ද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නැත."»
Meaning translation ·
Explanation
The meaning in a few plain lines
අනිවාර්යය සලාතය අවසන් කළ පසුව කවරෙකු ආයතුල් කුර් සී පාරායනය කරන්නේ ද ඔහු ස්වර් ගයට පිවිසීමට මරණය හැර වෙනත් කිසිවක් ඔහුට බාධකයක් වන්නේ නැත. එය සූරතුල් බකරාවෙහි සඳහන් පාඨයකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
තේරුම: අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්‍රහණය නො කරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය. (අල්-බකරා: 255)
- Source
- رواه النسائي في الكبرى
Saved at original quality