Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 60 languages
«සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු සත්‍යය සහිත ඍජු මාර්ගය වෙත වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මිනිසුනට මඟ පෙන්වා, ඇරයුම් කර, දිරි ගැන්වූයේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. අනුගමනය කරන්නාගේ කුසලින් කිසිවක් එය අඩු කරන්නේ නැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා‍ණෝ පැහැදිලි කළහ. එමෙන්ම කවරෙකු වැරදි හා පාපය ඇති නපුරු ව්‍යාජ මාර්ගයක් වෙත හෝ අනුමත නොවන කටයුත්තක් වෙත හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුනට මඟ පෙන්වා ඔවුනට ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපයන් ඔහුට ද හිමිවනු ඇත. පාපකම් කළවුන්ගෙන් කිසිදු පාපයක් එය අඩු කරන්නේ ද නැත.

Source
رواه مسلم
Download image

Saved at original quality