Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 55 languages
«සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්‍රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් අල්ලාහ් ඔහුට පිරිනමා ඇති බව දන්වා සිටියහ. පළමුවැන්න: මා හා මාගේ සතුරන් අතර මසක දුරක් ගමන් කරන තරම් දුරක් පැවතුණ ද ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. දෙවැන්න: අප කොතැනක සිටිය ද මහපොළොවම නමදින ස්ථානයක් බවටත්, ජලය ලබන්නට අපොහොසත් වන අවස්ථාවක පස් භාවිත කරමින් පිරිසිදු කළ හැකි ස්ථානයක් බවටත් එය පත් කරන ලදී. තුන්වැන්න: සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. එනම් යුධ බිමේ දී සතුරන් විසින් ඔවුන්ගේ වස්තුව අත් හැර දමා පළා ගිය විටෙක මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගන්නා දෑය. සිව්වැනුව: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ භීෂණයෙන් මිනිසුන් මුදවා ගැනීම සඳහා මා විසින් සිදු කරන ඉමහත් මැදිහත්වීම ද මට පිරිනමන ලදී. පස්වනුව: පොදුවේ මිනිස් හා ජින් යන මුළු සංහතියටම මා දේව දූතයකු ‌ලෙස එවනු ලැබුවෙමි. එය මට පෙර වූ නබිවරුන් හට දෙනු ලැබූවක් නොවීය. ඔවුහු තම ප්‍රජාව වෙත පමණක් එවනු ලැබූවෝ වූහ.

Source
متفق عليه
Download image

Saved at original quality