මහිමයන් සහ ආචාරධර්ම
Available in 20 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු ‘අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් පුද්ගලයකුට සමාව දෙන්නේ නැත’ යැයි පැවසීය. එවිට අල්ලාහ්: “මා පුද්ගලයකුට සමාව නොදෙන බවට මා මත දිවුරා පැවසිය හැක්කේ කා හටද? සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. ඔබේ ක්රියාවන් නිෂ්ඵල කළෙමි.” යැයි පැවසීය. අබූ හුරෙයිරා වාර්තා කළ හදීසයක: ‘සැබැවින්ම එසේ පවසා සිටියේ ගැතිබර පුද්ගලයකි.’ අබූ හුරයිරා තුමා තවදුරටත්: “කළ කතාව ඔහුගේ මෙලොව හා මතුලොව විනාශ කර දැමීය.”»Meaning translation ·
Saved at original quality








