Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 56 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුට අවශ්‍ය ගමන් පහසුකම් මෙන්ම ඔහුට අවශ්‍ය ආයුධ, ප්‍රවාහන පහසුකම්, ආහාර, වියහියදම් හා එවැනි අවශ්‍යතා සපුරා දුන්නේද ඔහු ද රණ ශූරයකුගේ නිලයට පත් වන්නේය. යුද්ධයේ ප්‍රතිඵල ඔහු ද ලබනු ඇත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ කටයුතු භාරගෙන ඔහු වෙනුවට ඔහු නොමැති කාලය තුළ ඔහුගේ පවුල රැකබලා ගත්තේ ද සැබැවින්ම ඔහු ද රණ ශූරයාගේ නිලයෙහි සිටිනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality