මහිමයන් සහ ආචාරධර්ම
අබූ මස්ඌද් අල්අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
Available in 70 languages
«අබූ මස්ඌද් අල්අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "සැබැවින්ම නැග යන්නට සතෙකු නොමැතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මා නංවාගෙන යන සතෙකු සූදානම් කර දෙන්නැ"යි පවසා සිටියේය. එවිට එතුමාණෝ "මා සතුව එවැන්නක් නැත" යැයි පැවසූහ. එවිට මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන අයකු මම පෙන්වා දෙන්නම්" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.”»Meaning translation ·
Saved at original quality








