ප්රතිපත්තිය
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
Available in 62 languages
«ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්‍රියක චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.»Meaning translation ·
Saved at original quality








